කවියාගේ පියඹ
ඉර, හඳ, මහ පොළොව, අහස ගැන
සුරඟනන්, දෙවි දේවතාවියන් ගැන
ඔබ ගලපන වදන් වැල්
කවියක්ව බබලද්දී
මා තරම් ප්‍රීතිවෙන
අන් කවරෙක් වේද මිහිපිට?
කවියෙකුගේ පියඹ මම යයි
හඬගා කියමි ලොවට
නුඹලා කවියෙකුගේ දරුවන් යයි
මම දරුවන්ටද හඬගා කියමි
අහස, පොළොව, ඇළ දොළ ගැන
ආදරය, විරහව, හැගීම්, දැනීම් ගැන
ලියනා කවි කියවා සතුටුවන මම,
ඒවා ආවර්ජනය කරමින් ප්‍රීතිවන මම,
ඔබ මෑතකදී
ගැහැනියක් ගැන
ලියු කවි දැක
මංමුලාවී පාරක්
සොයනා කෙනෙකුමෙන්
භීතියෙන් ඇළලෙමි
Photo Credit; Mavroudis Papas
