අතහරින්න

අතහරින්න

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

එකම එක වරක් තව නැවතුනොත් බලන්න තවම අමතකව නැති තැන් තියෙයි පෙනෙන්න දුකම දුක හිතෙන මුත් එපා යළි හැරෙන්න ළඟම ඇති දොරටුවෙන් අතැර පිය මනින්න මහ රෑක සඳු නිදන කළු අඳුර මැකුවාට තව දාක සීතලට උණුසුමම බෙදුවාට හද ශෝක නිවන ලෙස රස කතා කියුවාට මැද නේක නපුරු බස් රැඳෙනු තව මොනවාට රිදෙනවට වැඩිය බිය තමයි හිත බිඳෙනවට තනිකමට සවිය ඇති නිසා ලොව වැනසුමට ගින්දරට හැකි තැනක යකඩ දිය කෙරලුමට නවතින්ට නොම සිතනු පරඬැලක් සුරැකුමට Photo Credit; Võ Mạnh Đức
කවිය බලන්න