අහසින් පොළොවට….

අහසින් පොළොවට….

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

විලි ලන අහස දිය කඳ මිහි මත ගුගුල විළි වැද රඟන මිහිදුම කඳු මත අතුල විඳ විඳ සිහිළ ලෙලවන නලලත මුහුල තුරුලිය නගන මදහස දුටුවද උදුල විල රැලි නැගෙයි කුමුදක රුව විඳ රඟන නැලවෙයි උණ පඳුරු ඉස සිරි පොද බමන දොළ දිය ඔකඳ වී සුදු පෙණ පිඩු සිඹින ගිල ගති ඉවුර නොදැකම බට දළු නැමුණ තුඩ තුඩ රැඳුන කවි පද මිහිරට ගයන සෙනෙහැති කුරුලු යුවලට පිනි දිය ඉසින මද මුදු සුළඟ ළඟ ළඟ එන බව කියන සිසිලස තව දුරද කිව මැන මට ඉතින පවනට නතුව සැලි සැලි හසරැලි නඟන ලෙලවෙන ලිය මඩුලු රහසෙම දුනි සවන කැලඹෙන පෙණ කැටිති මුමුණති පද බැඳුන සැනසෙද අහස දැක මිහිලිය රස මවන Photo Credit; Taylor Cowling
කවිය බලන්න