සමනල සඳෙස -30

සමනල සඳෙස -30

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව - 25 දියලිය 508. සමනල රජිඳ නුඹ කවි කර කී හරි ය ඇගෙ සිය පැටිකිරිය හොඳට ම ගැළපේ ය අමනාපයක් නොම ගෙන ලද තතු රැසි ය කීවෙන් කවියෙන් ම මවමින් පද රස ය 509. තව යොදුණකට වැඩි නැති දුර එක එල්ලේ ගිය හොත් මඳක් උඩහට මැදි වුණු නිල්ලේ දිය කිඳුරියක් තනි ව ම වැළපී මුල්ලේ පහළට වැටෙන හැටි දැක ගනු සැනසිල්ලේ 510. නුඹ දුටුවොතින් ඇය පිබිදී ඔකඳ සිතින් නෙත මානෙට ගනී නුඹ සර විදා නෙතින් සිය සළු උනා දුහුලය ඇද දමා ගතින් පෙන්වයි නුඹට ඇති ආලය නුරා මතින් 511. වන පෙත තිබේ රුදු සිව්පාවුන් වෙසෙන තුරු පත් මතින් පියඹනු දකිමින් එ රණ ගිරි-හෙල් ශිඛර පැන-පැන විඳිමින් එ වන තරණය කරනු දකිනා තුරු දිය මුදුණ 512. සොබා දහම් සොබනිය නිරතුරු දිරියේ පබා දෙමින් සරනා තැන - තැන සරියේ සුබා ගෙනෙන සිතැති ව පෙම් බැඳ පිරියේ තබා සුරු කරයි දින - දින සිලිලරයේ 513. නද දෙන සියොත් කැළ ඇත එහි නුඹට හුරූ වද දෙන රුදුරු ගොර හඬ සවනතට පෙරූ හද වෙණ සරින් ඇද හැළෙමින් දසුන පිරූ පද සෙන සොයනු කීමට ඇගෙ සුගුණ සුරූ 514. ම|නල රැළි වරින් - වර හඹමින් යන්නේ මනකල කුමරි නෙතු හැර අවදි ව ඉන්නේ මනදොළ සපිරිවන් ලෙස සිත තුටු වන්නේ සමනොල ඉදින් ගොස් දියලිය දැකගන්නේ (මතු සම්බන්ධයි.) 2025.11.01
කවිය බලන්න