කොයිතරම් රැවටුනි ද හදවත්??

කොයිතරම් රැවටුනි ද හදවත්??

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

හුස්ම රිංගන හඬ අසන්නට නුඹේ පෙනහලු නිම්න අස්සේ හීන කොතරම් දකින්නද තව හිතනවිට හිත තාම ගැස්සේ අතීතයෙ අපි දෑත් අල්ලන් ඇවිද ගිය මං පෙතක් ඔස්සේ අදත් තනිවම ඇවිද යනවා මල් මතක මල් පියලි වැස්සේ දරාගන්නට නොහැකි තැනදියි සිහිනයෙන් පොළොවටම බැස්සේ... වළලු නැති දෑතකින් රූරා වෙරළු මල් වැහි වහින විටදී ලලාසාවක වෙලුන හැඟුමන් ගලායයි ඉකිලමින් මොරදී ජීවිතේ අරුතක් සොයා ගොස් මංමුලා වී අතර මගදී තුරුණු හිත මන්මත්ව සැනසූ සෙනෙහෙ වින්ඳා ලඟක නොරැඳී ගලන නදියක් කෙලෙස ගැලුවත් වැළඳ සැනහෙයි සයුර ලඟදී... තවුතිසාවක දැනෙන සැනසුම මවා පෑ මුත් දිනෙක පෙරදී කලා සොළසක් සපිරුවත් සඳ මොටද රිදවන විට දි දුක දී නොරත රත යා දෙකට මැදිවී හඬන තරු නෙත් දෙකට පැරදී ඉරි ඉරී කැඩෙනා වලාවක් වගෙයි මගෙ හිත නුඹේ ලඟදී... කොයිතරම් රැවටුනිද හදවත් කපටි මංගල පෝරු උඩදී....
කවිය බලන්න