නුඹ දුර නෑ

නුඹ දුර නෑ

තුෂාරි ජයසිංහ මහනුවර

නුඹ සුවෙන්දැයි විමසීමි මද සුළඟින් අසා නොඅසා ගසාගෙන යයි ඒ සුළං විගසින් කෙසේදැයි තතු විමසීමී මම වැටුණු තුරු පතෙකින් නිහඩ වත රකී ඒ පත නුඹ නොදත් විලසින් මලක සුහුඹුල් සිනිදු පෙති අතරින් ගලා හැලෙනා මකරන්ද වල අකුරු අතුරවමින් ලියන කවි මම එවමි ඔබ සොයමින් ඉන්නෙ කොහිදැයි කියනවද රහසින් අහස දුර නෑ පොළොව ළඟ පාතයි සමුදුරේ හිරු ගිලෙන හැටි පුදුමයි විහඟ පියපත් වලා තුළ සැඟවෙයි නුඹව දුර නැ ඇහිපියන් ගාවයි 2025.10.12.
කවිය බලන්න