කුමට මේ ලොව?

කුමට මේ ලොව?

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

වැනසියන් ලොව වැනසියන් තද ගංවතුර ගලලා වැනසියන් ලොව වැනසියන් ලැව් ගිණි ඇවිලි දැවිලා වැනසියන් ලොව වැනසියන් ගිණි කඳු පිපිරි සැලිලා කුමට මේ ලොව සිඟිති බිළිඳුන් කිරි නැතිව මැරෙනා බිඳී කුඩුවී ගියාදෙන් බිම කම්පිතව පැලිලා නැගී කැළබී ගියාදෙන් සැඩ සුලිසුළං හමලා තැලී වේලී ගියාදෙන් ගං වැව් මුහුදු සිඳිලා ලොවක් කුමටද පුංචි දරුවන් කුසගින්නෙ හඬනා දැවීයන් ලොව හිරුගෙ කිරණින් චන්ඩවූ කිපිලා හැපීයන් උල්කා ඇවිත් රුදු ඝෝර හඬ නගලා වැදීයන් හෙණ කුරිරු පාලක හිස් දෙකඩ කරලා කුමට ලෝකය එහිම වැසියන් යුද්ධකර පෙලනා නොසිට නිහඬව හඬ නගව් යුක්තිය සාමෙ පතලා ඉඩ නොදී මිනිසුන් නසන්නට යුධ බලය යොදලා හැමට නිදහසෙ දිවි ගෙවන්නට ඇති උරුමෙ රැකලා තනමු යහපත් ලොවක් දරුවන් සිනහවී සිටිනා Photo Credit; Toby Wong
කවිය බලන්න