සසර බැදෙනා බැඳි බැඳුම් ගිලිහුනාදෝ

සසර බැදෙනා බැඳි බැඳුම් ගිලිහුනාදෝ

නයනශාන්ති දිසානායක

මලක් මල් මී පුරා බිඟු පෙමින් විකසිතවි සඳක් විත් ඒ සරා ඟග මතින් කුල්මත්වි දෙඅත් එක් වී නුරා රඟ විඳින් මන්මත්වි පෙමක් ලත් දී දරා මඟ රසින් රසවත්වි සඳින් සඳ මෝ‍රනා සඳවත හීන ගෙනා සිතින් සිත පීදෙනා තුන්පත් රෑන මනා මදින් මද නන්වනා හදවත ගේන හිනා මඟින් මඟ බලවනා අරුණළු පමා වෙනා හීන ඇහැරණා සුදු ඇතුන් දෙව් ලොවේදෝ නේන කාරණා කිම නොනිම් පව් තියේදෝ දෑස අයදිනා කිරි සිනහ කොහෙ ගියේදෝ සසර බැදෙනා බැඳි බැඳුම් ගිලිහුනාදෝ Photo Credit; Kristina Litvjak
කවිය බලන්න