සඳේ තව හිනැහෙන්න

සඳේ තව හිනැහෙන්න

අනුරාධා ගුණසේකර හොරණ

සඳක් නුඹ දුර අහසේ සිසිලසින් සිත නිව්ව අඳුරු රැය එළිය කර නෙතේ කඳුළැලි පිස්ස අමාවක දවස්වල අඳුරටම දොස් කිව්ව මමත් දැන් හිත හදන් සඳේ තව හිනැහෙන්න නින්ද නැති පෙර දවස් හඬා රැය පහන් කල වින්ද දුක කොච්චරක් දන්නවා නිදි යහන රැයක් මේ තරම් දිගු වෙලා තිබු දවසක සඳක් දුර අහසේ හිනැහුනා සොඳුරුව නෙතු පියාගෙන මහ පොලොවේම හිනැහෙමි දුකක් දැනුනෝතින් සොමිකිරණේ සුව විඳිමි සඳ වුනත් ලස්සන අහසේ හිනැහෙන විටදි හද කවුළු තද කර වසා නෙත් පියවමි
කවිය බලන්න