බුදුරජාණන් වහන්ස!

බුදුරජාණන් වහන්ස!

විල්සන් හෑගොඩ

බිහි සුණු කුහක ලොව පරවැඩ පිණිස රැයේ සිහි පත් නොවෙයි හිමි හැර කවරහුද ගියේ මිහි රෙන් මිහිර දෙන තුන් ලොව එකම පියේ පිහි නමි යලිදු මම ඔබ ගුණ අමොද දියේ සණ රාමර සමිඳු එක එක ගුණය දැරූ වෙන වෙන කියනුවට නොපමණි අහස තරු ගෙන එය වනණු හැකිනම් නැගි සිතැඟි විරූ කන මැදිරියන්ගේ එළියකි උදය හිරු බහ දුරු සමිඳ ඔබ හැර අදහසට කෙළින් දහ මින් දැමිටු කිරියෙන් බැඳි කුළුණු දැලින් යහ පත කළේ නම් කිසිවෙකුගෙ පිළිවෙලින් මහ මෙර මවන්ට හැක අබ පියලි වලින් උස් මිටි නම් සාමාජික බේදය පෙන්වා හිස් ඉදිමුණු බමුණු මත පාමුල ගන්වා විස් තර නුවණ මඟ අතැඹුල මෙන් පෙන්වා පස් ඇස වැඩ කෙළෙහි ඔබ නිදහස දන්වා විදු ලිය අහස ඉර හඳ යන මෙයින් අද පුදු මයි මැවෙයි මහිමිගෙ බුදුරුවන් බඳ නිදු කාණනි! ඔබෙන් පැනයක් අසන්නද බුදු වෙන්නට බැරිද? මට පස් මරුන් බිඳ බරණ්දෙනිය - කොල්ලූපිටිය
කවිය බලන්න