ගනේවත්ත සේනත් සමුගත්තේය

ගනේවත්ත සේනත් සමුගත්තේය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සෙනේ බැදුණෙ කවියට බව සත්තේය පිනේ බලෙන් සිටියේ ඉහ මත්තේය අනේ කුමක් කරමුද නොම දත්තේය ගනේවත්ත සේනත් සමුගත්තේය ----- ගැලුවා වැනිය ගගුලක් හිටිවන කවිය දිණුවා රටම මුවහත් කර කවි අවිය තැණුවා නම් අගෙයි දිවිතුරු සිය දිවිය දුටුවා ඔබෙන් නෙක දන කවියෙහි සවිය ------ මී වදයකින් ගැලු මී පැණි රස විසිරී කී කවි ,ලියු කවි යුග ගණනක් මිහිරී ජීවන මංපෙතේ සෙල්ලිපි වල ඇතිරී පායන ස‍‍ඳ වගේ දිදුලයි නිති පැතිරී ------ තැණු සිසු පිරිස ඔබැ රස දත් දසත වැසි දැණුවත් බවෙන් අගපත් කවි සදැස දිසි දිණු දේශයට ගෙන දෙන පෑ සදිසි සිසි දෙනුවන් සලා එනු දැකුමට එදන විසි ----- වියතුන් සබා මැද නංවා කවියෙ හ‍‍ඬ ගිය ගිය කොතැන වුව පෙන්වූ සොදුරු වැඩ දියවැල වියැකුණත් ඉන්පසු සතර කඩ මිය ගිය පසුව ඔබැ, කාටද එතැන ඉඩ --- සරමින් නදුන් උයනේ සුරලියන් වසා ගයමින් පුරුදු කවි යවහන් දෝෂ නසා විදිමින් කොතක් කල් සිටියද ඇතිව තොසා පුරමින් පෙරුම් යළි එනු හෙළබිමට බැසා ============================= රාජ්‍ය කලාභූෂන කිවිපති සාසනකීර්ති දේශාභිමානී ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි ======================== 0711481624 19/6/2025
කවිය බලන්න