පසක් වී ඇත දෙසූ බුදුදම

පසක් වී ඇත දෙසූ බුදුදම

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

කල් යන විටදි මිනිසුන් අදහමින් වෙලී තිරිසන් විලස හැසිරෙනු ඇත පවින් වෙලී උන් උන් මරාගෙන වැළපෙති දුකින් පෙලී යනුවෙන් බුදුන් දෙසු දම ඇත හොඳින් දිලී තියුණුම තියුණු අවි ආයුධ නිපදවලා ලොව සැම තැන ම යුද ගිනිදැල් අවුලුවලා මුළු ලොව නසා ලනු ඇත සිටියදිම බලා පැවසූ වදන් අද ටික ටික සැබෑ වෙලා මව්පිය සහෝදර දරුවන් සෙනේ ඇතී දින දින ඇතැමුන්ට අමතක වෙමින් යතී නසමින් එකෙක් තම බඩ කට පුරවගතී හැකි සැම සතාවම හැකිවිට මරන් කතී පවුලක තිබූ සමගිය සුනු විසුණු වෙලා ඇන බැන ගැනුම දැන් දින චරියාව වෙලා පර අඹු පර පුරුෂ සේවන අධික වෙලා හොර මැර මිනී මරුවන් ඇත ලොවම වෙලා තෘෂ්ණා කාම රාගෙට දාසයන් වෙලා පර සෙත නසා රට කති පල් හොරුන් වෙලා මේ වැනි උන්ගෙ තිරිසන් වැඩ දුරින් බලා මෘග සිත් ඇති සැවොම රඟදෙති තුටින් බලා 2025 . 06 . 26 Photo Credit; Mattia Faloretti
කවිය බලන්න