පැණයක් වු සිත
ඇත පැණයක් නිරන්තර
සිත ගැන අසන්නට
සිත ගැන කියන්නට
සිත ගැන සිතන්නට
කැළඹේ සිත
වැනිය චන්ඩ මාරුතයක්
සන්සුන්වේ විටෙක සිත
නිසසල විලක් ලෙස
කොහිද ඇත්තේ
සිතක් එලෙසට
දැනෙන විට භීතියක්
ඇත හදවතක් සලිත වන
දැනෙන වට සෝකයක්
ඇති කරයි හදවතක්
දරා ගන්නට බැරි තරම්
දැනෙන විට ප්‍රීතියක්
පිනායන හදවතක්
ලිහිල් වූ හදවතක්
දැනේ මට දැනේ මට
එසේ නම් එසේ නම්
අරුම වූ මගේ සිත
ඇති බවක් හදවතේ
දැනේ පිළිතුරක් ලෙස
මොළය තුල නැති බවක්
දැනේ පිළිතුරක් ලෙස
දැනේ පිළිතුරක් ලෙස
කවිය බලන්න
