පොසොන් දා

පොසොන් දා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

හිරුසඳු පවුරු වැනි විස්මිත දෑ නේක අවිඅඳු රෙහි වෙලී පිදු මළ යුගයේක සම්බුදු සුවඳ පතුරනු වස් හැමගේක අනුබුදු මිහිඳු හිමි පිරිවර වැඩි සේක ---- ව්ල හෙල තුරු වදුලු නිති පණ ලැබුවේය මිල කල නොහැකි දහමක සුව ගැලුවේය කල එලැඹියෙන් රජු හිමිසඳ දුටුවේය හෙළ සැහැටියාවෙහි ඇරඹුම හිමිවේය --------- මිස්සක සිකර වපසරියෙහි අඹ වදුල තිස් සය යන හඬින් කැලඹිණි පෙර එකල ඇස් ඇදහිය නොහැකි දසුනක ගිර ඉහළ විස්තර කෙසේ කියමුද රජු දුටු සිහල ------- කෙලි සෙල්ලමට දඩයම් කළ යුගයක් ය බලි බිලි යකුන් ඇදහූ ජන පිරිසක් ය යළි පුබුදමින් ජාතිය වැඩු දවසක් ය හෙළි කළ දහම් මඟ දැයටම මිහිරක් ය ------ ලෝහිත කඳුලු වගිරූ වන සතුන් නේ ජීවිත සමග සෙල්ලම් කළ දනන්නේ නෑහිත මිතුරු කම් යළි සිත් බැදෙන්නේ සාහිත කලා මං පෙත් ඉන් වැඩෙන්නේ ----- නුබ කුස සි‍ඹින දාගැබ් ඉදි කෙරෙන්නේ අසදුස සබද කම් නොවැ ඉන්බැදෙන්නේ කිතුගොස දසත ව්හිදී දැයනැගෙන්නේ නිදහස පොසොන් සඳ එළියෙන්පෙනෙන්නේ ---- බුදු ගුණ පොසොන් දා ව්හිදුණු පසුව රටේ මියුගුණ දුටුව හෙළ වනිතා පිරිස වටේ නිසි දින වරම් ලද පසු රට හතර තොටේ රිසිතැන පවා ලැබුවේ ඉන් පසුය රටේ ----- හදවත් සනසමින් මේ පුන් පොසොන් දිනේ පින්වත් රටක අසිරිය සිවු දෙසින් පෙනේ සුවඳත් හමන බුදුගුණ මුසු මිහිදු වනේ අදටත් අමා සුව ගෙනදෙන බවක් දැනේ ========================== කලාභූෂන කිවිපති සාසනකීර්ති දේශාභිමානී ඩබ්ලිව් .කේ. සරත් ව්මලසිරි ======================== 2025/05/21
කවිය බලන්න