පොඩිඑකාගේ හිත

පොඩිඑකාගේ හිත

නයනශාන්ති දිසානායක

ටියුෂන් පටන් ගත්තේ හෝඩියේ අඟ අම්මට මදිය සතියේ දින හතේ දිඟ හොඳ මදි මොකද පාසල ඇති අත ම ලඟ හති හල හලා පිම්මේ මේ දුවන රඟ පැන මඩ කඩිති වල කාවයියන් අල්ලා වෙල් ඉපනැල්ල ඉවකර හැල්මේ දුවලා බඩ වැටි ලඳු කැලෑ වක්කලමේ නාලා හීනෙන් විඳ සතුට, පාසැල වෙත ඇඳිලා ගමේ ආත්තම්මා ගේ හැලප රස පේස්ට්‍රියක ඇත් දැයි යටි හිත විමස රයිස් කොත්තු කෑවත් පුරවලා වස රොටියක් පිට්ටුවක් ළඟ හිත වෙහෙස හීතල පිණ්න පෑගෙන හිමිදිරි උදය මේස් විලංගුවෙ සිරගත වෙන සැටිය හැල්මේ ඇදෙන බස් රථයේ තද බදය මල් පියවිළි මතට දුහුවිළි ඉසි හැටිය අකුරු ඉලක්කම් අතරේ තරඟ බිමේ ඇන ඇන කොනිති ගස්සා ගෙන හිත් රිඳුමේ සොයනා දැනෙන සැනසිල්ලක් නැති අරුමේ ලබනා දිණුම කොයි අස වේ දැයි අම්මේ
කවිය බලන්න