සොයා යමි  බුදු  මඟ

සොයා යමි බුදු මඟ

අමිතා පද්මකුමාරි

බෝපත් සැලි සැලි මඳ සුළඟේ සැනසුම ගෙනදෙයි බෝ මළුවේ කරුණා මුදිතා පිරි හිමි සඳුගේ සෙවනේ මෙත් සිසිලස විහිදේ කෙලෙස් පසුපස දිවෙන මේ සිත දැහැන් ගතකර සමිඳු රුව ළඟ නෙලාගත් මේ උපුල් මල් මිට තබමි බැතියෙන් සමිඳු පා මුල ඇසේ නම් බුදුහිමිගේ බුදු බණ දැනේ නම් මහා කරුණා සුවය මුදාගෙන මේ සසර බැඳි බැමි බවුන් වඩනෙමි උතුම් නිවනට
කවිය බලන්න