අදින් පසුවට හෙටක් නැති වග

අදින් පසුවට හෙටක් නැති වග

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

අදින් පසුවට හෙටක් නැති වග දැන දැනම ආවත් හැරී අදින් පසුවත් සයුරු වෙරළක නුඹට කවියක් ලිව හැකී අදින් පසුවට සිහි වුණත් නුඹ නෙතට කඳුළක් ගෙන දිදී අදින් පසුවත් ඇත්තටම නුඹ තුටින් දැයි විමසිය හැකී අදින් පසුවට හමු නොවන මුත් හදේ නුඹ රුව දිලි දිලී අදින් පසුවත් පුදසුනක් මත පෙර මතක දල්වනු ඇතී ඉ 12/04/25
කවිය බලන්න