කුවේණියගේ නීතිඥයා •

කුවේණියගේ නීතිඥයා •

කපිල කුමාර කාලිංග

තිවංක මන්දිරයේ ගත කරමින් සත් දිනක් ප්‍රහේලිකාවක හිස තබා නිදිවරමින් සැරිසැරුවෙමි අතීත කාලයේහි +++++++++ නෙත් නැති-මුව නැති අවතාරයකි, එක් පැතිකඩක් සුදු හැඳි-සිල් ගත් උවැසියකි තව පැතිකඩක් තුඟු රැලි නඟනා, ශෘංගාරයේ ගංගාවකි පෙම් වදන්-බිණූ මුවින්ම නැඟෙයි-නොයෙක් ශාපයන් කම්පා වෙමින් හද මඬල ඉරි තලා දෙකඩ වෙයි දරු දෙදෙනගේ නාමයෙන් පිළිසරණක් යදින්නී නීතියේ තුලාවෙහි පයෝධර තබන්නී කෙලෙස පිහිට වෙමි ඈ හිමි රුදුරුය මා මරා දමනු නියතය ගෙල සිඳ අවියෙන් ගිනි සිළුවකි ඈ ගත සිහිවන විටම මා දවන විසල් නෙත් බියකරු සර්ප විෂ කැටිවුණ රමණයම වේ මරණය මරණය ද වේ රමණය ඇදී යයි ඈ වෙතම ගිගුම් දෙන-සිත් අහස කළු වලාවෙන් පිරුණු පැමිණිල්ලද, විත්තියද අතර වූ කූඩුවක සිරකරුවෙකි මා කළු කබායෙන් සැරසි.
කවිය බලන්න