"ඉතිරි යාතිකා"

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

FEMININE ############ මෙහෙණියකගේ සිත තුළ.. කහ පැහැයෙ පින. මැරුණියකගේ හදවතෙ .. සුදු පැහැයෙ පණ ගැබිනියකගේ කුස හොත්.. කිරි සුවඳ ගැන. කිවිඳියකගේ පන්හිඳකට කවනු මැන. ************************************ බිලිඳියකගේ මොලකැටියෙහි... සිනිඳු පෙණ. දුවනියකගේ සුරතලයට.. පෙරළමින. යුවතියකගේ මංගල .. පෝරුවට ගෙන. පතිනියකගේ කුලගෙය තුළ.. තබනු මැන. *******-****************************** සොබනියකගේ සියුමැලි .. කැටයමක කැන ලලනියකගේ සිනහව තුළ .. ඔකඳ වෙන. බොළඳියකගේ මල් මල්.. හීනයක තැන . දියණියකගේ ලෝකය තුළ.. ඉසිනු මැන ************************************* බගිනියකගේ සෙනෙහින්.. ලොව හැඳින දැන. මෑණියකගේ ආදරයෙන් .. පොරවගෙන. මිතනියකගේ දැනමිතිකම්... පිරුනු මන. ගැහැනියකගේ ජීවිතයේ.. රැඳෙනු මැන. ********************************** රැජිනියකගේ තෙදවත් බව.. බෙදන අණ. යකිනියකගේ රුදු යක්.. වෙස් කරන විණ. මරණිය තිගේ බිහිසුනු .. බව සමග හෙණ. තරුණියකගේ රැකුමට.. මෙහි එවනු මැන. *-**-**-**************************** උවැසියකගේ පින්වත් .. හදවතින් දෙන. දෙව්ලියකගේ දිවසුරු .. සම්පතින් ගැණ. තෙරණිය කගේ විදසුන්.. බල වැඩුම් ගෙන. යදිනියකගේ කුස ගින්දර .. නිවනු මැන. ********-**********-***************** වෛද්‍ය නිලදාරි . බන්ධනාගාර වෛද්‍ය ඒකකය බදුල්ල 2025.02.23. Photo Credit;Sithuvili Vimana
කවිය බලන්න