දෙමෝදරත් දැන් උමතු වෙලා

දෙමෝදරත් දැන් උමතු වෙලා

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සේල පටක් සේ රූ මවලා දුන්හිඳ හිත ළග නතර වුනා නමුණුකුලය නව වරක් පුදා සීතල සුළගක් සිසිල ගෙනා ඔඩිසියේ, කැලිප්සෝ මැදිරි පුරා පිරිස් ගලනවා හිත් උතුරා පාලම යට පොරකන අය අතරේ දෙමෝදරත් දැන් උමතු වෙලා රාවණ ඇල්ලට පෙම් බැඳලා සීතා කෝවිලේ පොල් ගහලා ග්‍රෙගරි වැවට අද හඳ පායනවලු මුහුණු පොතේ රූසර මවලා
කවිය බලන්න