වයස විස්සයි 20/20

වයස විස්සයි 20/20

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

මොණරියන් ගිරවියන් සැරිසරයි ඔත්තේ සිංහයන් කුළු හරක් දුවයි උන් මත්තේ නගිගනවා දෙපැත්තම මුරුංගා අත්තේ ගිරවියන් මොණරියන් වහනවා ඉත්තේ මල් පොකුරු සෙත් කවිද ගායනා මැද්දේ දුල් නෙතට ආදරෙන් ඉඟිමරන් පැද්දේ හිස් දිවිය වට කලොත් රත්තරන් මුද්දේ ගිවිස ගත් ලියවිල්ල මගක් වෙයි යුද්දේ දෙපස ආලයක් ඇති කාලයක් තිස්සේ මැකි මැකී යන එකයි කඳුලකින් පිස්සේ මොන මොනව පැටලුනත් ආදරේ අස්සේ ආලෙ කල යුත්තෙ වයසින් සිතින් විස්සේ Photo Credit ; worldtravelblogger AnA 2025
කවිය බලන්න