සුන්දර වීමේ රහස

සුන්දර වීමේ රහස

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

නෙත් පිනවා ලන සොඳුරු මලක් සේ සිත සනසා ලන සඳ කුමරිය සේ දුටු අයගේ සිත් වසඟ කරන සේ ලාලිත සොඳුරියො ඇත සිය දහසේ සොඳුරු බවින් පිරි සාල රුකක් සේ තේජස පැතිරුණු හිරු කුමරා සේ දුටු දුටු සැමටම ප්‍රිය උපදන සේ පියකරු තරුණයො ඇත හැම දේසේ ඉසිකෝ මන් දුර හැර හැම දවසේ කරුණා මෙත් ගුණ පුරවා මනසේ සතුටෙන් විසුවොත් ඔබ රිසි රිසි සේ එයයි සොඳුරු බව ගෙන දෙන රහසේ
කවිය බලන්න