වයයි   තවමත්    ගඳඹ

වයයි තවමත් ගඳඹ

අමිතා පද්මකුමාරි

පුර දොරටු අභියස සත්සරය මුසුවී මධුර වස්දඬු රාව ඇදී යද්දී සුමටව සුරලියන් පරදවන පුර අංගනාවෝ වසාගෙන සවන්පත් සොයයි අන් වගතුග ඉසිඹුවක් නැති පුරයේ යන්නවුන් පසුකර නොනැවතෙයි මොහොතක් විඳින්ට ඒ මධුර සර වයයි තවමත් එපුර දෑස් නොපෙනෙන ගඳඹ
කවිය බලන්න