
සුභාෂිතයේ සිත්ගත් කවි
අබරණ සමඟ සිටි පිරිවරද තම වෙත
නොදෙරණ තැන යෙදුව හොත් නොම වේ දිමුත
අපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත
සිළුමිණ සරණ බඳ හොත් අපහස කරත
ආභරණ සහ තමා ළඟ සිටියා වූ පිරිවර ජනයන් ද නොනිසි තැන යෙදුවහොත් බබළන්නේ නොවේ. එසේම මුළු ලෝකයෙහි සියලු රජ ඉසුරු ලද නමුත් ශිඛාමාණික්‍යය පයෙහි බඳ හොත් අපහාස කරති.
කවිය බලන්න