පියාණනි   ..සිහ රජාණනි LION - THE  NATIONAL  HERITAGE.

පියාණනි ..සිහ රජාණනි LION - THE NATIONAL HERITAGE.

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

උස්සගෙන කග පතක්... ඇඟිලි පහ නවාගෙන . තැඹිලි කොල තීරු දෙස.. හැමදාම බලාගෙන. ළය මඩල පුම්බගෙන.. වැජඹෙනා ප්‍රෙතාපව. මහ කොඩියෙ සිහ රදුනි... නුඹද අපේ පියාණන ? ****************************** කෙසරු වැල් නොසොල්වා.. සීරුවට තබාගෙන. නිදහසේ මහා.. මන්දිරෙ වටා වාඩිගෙන. පැරණි අග නගරයේ.. කුලුනු දෙස සමාධිව. ශිලාමය සිහ රදුනි.. නුඹද අපෙ පියාණන. ? ********************************* දහම් සක උඩ ඉද්දි.. අසිපතට රවාගෙන. පුන් කලස වී කරල්... නෙළුම් පෙති සිනාසෙන ඒ සොඳුරු සිත්තමේ.. මැද සිටින උදාරව. ජන රජයෙ ලකුණෙ... සිහ රජුද අපෙ පියාණන ? ********************************** පියාණනි ලක් මවුන්.. බොහෝ දුක පුරෝගෙන. දූ පුතුන් සරි කළත්.. සියලු බර දරාගෙන. මාරුවෙන් මාරුවට... සොරු ඇවිත් ලියාගෙන තලා හප කර තිබේ.. ඈ රකින මුවාවෙන. ****************************** එපා නුඹ අසන්නට.. නිදහසට වැයෙන බෙර. වහා බැස නැගිට විත්.. මවුන් මිය යැවෙනු පෙර. මුදාලනු අපි යළිත්.. සටන් වැද අභීතව . පොළොවේ යට නිදාගත්... වීරයන් අවදිකර. ********************************* බන්ධනාගාර වෛද්‍ය ඒකකය බදුල්ල. 2025.01.23.
කවිය බලන්න