හිස් හිස්

හිස් හිස්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

හැමතැනම උජාරුයි හරිම හරි සද්දේ තාල පද උඩුගුවන් සිසාරා පැද්දේ වෙස් වළාගත් මලවි වටේටම විද්දේ හිස් බෙරයි ආතතිය ඇති හුඟක් සද්දේ පිරිත් පැන් ඉත්තකින් වටේටම ඉස්සේ හිමි හිමින් ගීතිකා මුමුණමින් කැස්සේ නොදන්නෙමි හිතේ මොන මොනවාද අස්සේ දන්නවද හිස් කළයි පැද්දෙන්නෙ වැස්සේ AnA 01/2025
කවිය බලන්න