මහලු වයසේ

මහලු වයසේ

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

මහලු වයසේ වීණාව මුල්ලක මකු‍ළු දැල් පොරොව ගෙන හිත මිතුරු පොත් පත් දූලි හා පුස් බැඳුණ රස විඳිති කාවෝ ඇවිදින්න වත් යමු ද හන්තාන අතවනයි කෙසේ එන්නද තනිව වාරුවට නැත කෙනෙක් කියමුද සින්දුවක් කුරුල්ලෙක් අඬගසයි තාල තනු රිද්ම සියල්ලම මැකීගොස් මා හදේ කෙසේ ගයමුද දැන් ? භාවනාවක් කළොත් ? කුඩා කාලෙ කට පාඩම් ධමම්පදේ සතිපට්ඨානේ මිතුරන් මෙන් මා හැර ගොස් බලමින් ම දෙසම මතුරමි අනිච්චං දුක්ඛං
කවිය බලන්න