නෑඹුල් කඳුළ

නෑඹුල් කඳුළ

වෛද්‍ය සමන් ජයමාන්න කඳාන

ඈවර කර දෑවර තුන් ඈවර කර ආදර පොළ පෑල දොරින් ගෑටූ ඇය අමතා හිඳ බෑරක දැයි නෑසූ මා සෑදූ කව, මෑත නො එන ඈත ඈත ඈත ඇදෙන ඈ ගේ රුව දෑසෙහි යළි ගෑවුණ සඳ වෑහුණ කඳුළින් නෑවිණ! පෑරුණ දෑසින් වෑහුණ නෑඹුල් කඳුළින් නෑවිණ, සෑදූ කව! වෑ ඉවුරේ කෑල ගහට ඇහැළ ගහට මෑනූ හොටින කොටකොට යන කෑදර කෑරල ටොක හඬ රෑට මවන නෑඹුල් කඳුළින් නෑවෙයි, සෑදූ කව! ගංදෑලේ රස වෑහෙන මී අඹ නොව කෑමට නො පැසුණු අමු ඵල ලෑටි ගාන ලේන රෑන රෑට මවන නෑඹුල් කඳුළින් නෑවෙයි, සෑදූ කව! නෑර එකක් තුරු මුල බෑවෙන වෑවර වෙත ඉඟි පෑ නෑ පිරිවර, කෑ මොර දෙන වඳුරු රෑන රෑට මවන නෑඹුල් කඳුළින් නෑවෙයි, සෑදූ කව!
කවිය බලන්න