මට මං වෙන්න පුළුවන්

මට මං වෙන්න පුළුවන්

මංජුල වෙඩිවර්ධන

මට මං වෙන්න පුළුවන් ඒ ඔබ එක්කම විතරයි... ඔබ - සිංදු වැහෙන ගිතාරුවක් ඇස් අන්ධ කරන ඇස් අමාරුවක් හිත් රිද්දන සුන්දර සරාගයක් කවි අද්දර පැද්දෙන පරාගයක් රොන් ඇහැරෙන මල් උයනක හොල්මං මෘදු මල් සුවඳේ සිල් බිඳුනම හිත් ඇහැරෙනවා... රොන් වෑහෙන මල් ගොමුවක නම් ගම් නැති මල් අතරේ මල් පෙති මත කවි ලියැවෙනවා... රොන් පෑරෙන මල් කෙමියක මන්මත් රජ බමර කුලේ රොක්වෙන තැන හීන ගලනවා... මට මං වෙන්න පුළුවන් ඒ ඔබ එක්ක විතරමයි...
කවිය බලන්න