එහෙව් අය

එහෙව් අය

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

තිබුණත් රුවින් උන් ළඟ මහ පොෂ් ගතිය කැකෑරෙයි වටවල තේ හැළියක් හිත් කොනක වැඩ වැඩි නිසා කට කොනකින් හිනාවෙන හරිය ටිකට් නැතිව පෙන්වන බහුරූ කෝලම් වැනිය... කලට වෙලාවට පදමට රසට ලොකු පුටුවලට බෙදනා රස පැණි ගුළිය අරයාගේ මෙයාගේ කතන්දර එක පෙළට අනේ කොහොම මතකද ඔච්චර හොඳට... උන් විතරයි හොඳම අනිත් උන් ඕපපාතිකය උන් විතරයි දන්නේ අනිත් උන් මැටිගුලිය අඩු කළ උන්ය අහු මුලුවල කියවන කටවල්ය විලි සංගයක් නැතිව දඟලති බාලයින් ලෙස... 2024/07/06
කවිය බලන්න