අහම්බය

අහම්බය

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

ඉදින් ඔහු කොහේද ? හොඳින් ද? දුකින් ද ? එතැනම ද? සිතින් සිතුවෙමි මගෙන් ඇසුවෙමි අහම්බයෙන් දිනක දුටුවෙමි මුහුණු පොතේ පිටු අතර සුපුරුදු රුවක් අතැති ව පුංචි මැණිකක් තම බිරිඳ සමඟින හ්ම්... කලක දී හිමිකමක් සොයන්නට වෙර දැරූ අපි අද... අපට අහිමි ව දෙතැනක ය තව දෙදෙනෙකුට හිමිව ඉදින්...මා සිත නිදහස් ය රිදුම් ගොන්නකින් ----------------------------- 2024/10/08 ආලංකුඩාව Photo Credit; Victoria Roman
කවිය බලන්න