හඳුනයි ඈ මා

හඳුනයි ඈ මා

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මගෙ පුංචි කවිකාරී ගෙන සිඟිති පා පොඩි දෑතට ගී කියයි සුරතල් කිරිල්ලක සේ තාලෙට මා නොදත් සියුමැලි බසකින් බුබුළු දමයි එවිට රිදී පෙණ ටිකිරි තොල් පෙති මතින් විසිරෙන සේ අඩක් පිපුණු සෙව්වන්දියක් මත අරුණෝදේ පිණි බිංදු විසිරෙයි කඳුළු කැට රෝස පැහැ කොපුල් මත බඩගිනිවී හඬන විට බලා හිඳියි විටෙක ඇසට ඇස දී මා දෙස නිල් පබළු දෑසින් විමසන්නා සේ මා කවුරුන් ද යන වග නිදිබර මොහොතක ඈ මුදු සවන සිප "මං දෝණිගේ අත්තම්මා "යි සෙමෙන් මා මුමුණන විට සිනාසෙයි ඇය මිහිරි ඇස් පියාගෙන හඳුනාගත් සේ මා කවුරුන් ද යන වග...
කවිය බලන්න