කෙවිල්ලී

කෙවිල්ලී

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

ඉර ද හඳ ද සක්වළ තරු සියල්ල පැහැද සිටිය රෑ දහවල මුළුල්ල හෙට ද හැර නොයන ලක්මව් තුරුල්ල නුඹ ද සදාකල් හඬලන කෙවිල්ල විසල් අහස මැද දිළි තාරකාවා මුළුල්ලට ම රට තොට, එළිය පෑවා සියල් සුළවතුන් හඳ මඬල ගාවා කෙවිල්ලියේ නුඹ ම ය වාසනාවා රෑහි හඬන මිහිරන් මෙන් වසඟ වුණ ජාතියකට අහිමිද ඈ රකින පින පාට වරුණ වලි කුකුලනි සැඟව ගෙන අදට දෙන්න කෙවිලියකට උරුම තැන. 2023/11/19
කවිය බලන්න