කෘමියෙක්

කෘමියෙක්

කපිල කුමාර කාලිංග

කියවමින් සිටි කවි පොතේ පිටුවකට කොහෙන්දෝ පැමිණි කෘමියෙකි කිසි දිනෙක නොදුටු . "නුඹ කවුද " ඇසීමි ඒ ආගන්තුකයාගෙන් පිළිවදන් නොමදී බලා සිටී ඒ කෘමී මා දෙස තිත් තිත් පියා සළමින් "නුඹ කවුද" කෘමී ද අසන්නාසේ ය මාගෙන් "මේ කව් කියවමින් සොයමි, මම, මා" පැවසීමි මම. මුද්‍රිත වදන් බොඳව මැකී යයි එසැණින් කෘමියා පමණකි හිස් සුදු පිටුවෙහි "නුඹ කවුද... නුඹ කවුද"... එවර නොඅසමි ඒ පැනය
කවිය බලන්න