ආදරේට නව අරුතක්

ආදරේට නව අරුතක්

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

ටජ්මහලක් ඔබ නමට බදින්නම් රෝමියෝ ජුලියට් මෙන් පෙම් බදින්නම් සීගිරි කුරුටු ගීයක් හදවතේ කොටන්නම් සදකඩ පහනක් හදවතේ නෙලන්නම් ඉසුරුමුනි පෙම්යුවල මෙන් ගල් නොවී විජය කුවේණි මෙන් වෙන් නොවී සාජහන් මුම්ටාස් මෙන් දුරස් නොවී පෙර කරපු පින් බලෙන් ලංවෙමුද හැමදාම වැසි නොමැති මල් පිපුණු සුන්දරම දවාලක් වෙලා මීදුමින් වැසී ලස්සනම රාත්‍රියක් වෙලා ලස්සනට පිණි වැටුණු සුන්දරම උදයක් වෙලා මියෙනතුරා ඔබේ හදවතේ රැදෙන්නම්
කවිය බලන්න