පරිනත  වීම

පරිනත වීම

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

දොඩමළුව හැමදාම අනුන් දුක ඇසුව රිදුනු හිත රැය පුරා ගෙවී නිදි නැතුව අගුළු දා කථාවට පතාගෙන හිත සුව මොන තරම් සොදුරුයි ද මේ නිහඩ බව ගෙවී ගිය ජිවිතේ දරා නෙක බර මා මගේ නොවූ බව නිසි පසක් කර අගුළු දා දෙසවනට යතුර නැති කර බොරළු කැට දිලිසෙයි ද අසල මහමෙර මහසයුර තරණයට පාරු කුමට ද කදුළු මුදුනෙ සැතපෙන්න වාරු ඇවසිද නිමා කල යුතුකමක අගය කුමටද නිහඩවම නිහඩ වෙමි හේතු කුමට ද
කවිය බලන්න