භේරී  කට්ඨං

භේරී කට්ඨං

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

භේරී කට්ඨං හද කඩා වැටී දවසක් දා දෙහිවල බස් හෝල්ට් එකේ කඩල ගොට්ට මං අරගෙන කකා හිටියෙ චූන් එකේ කිව්ව වෙලාවට ඇවිදින් මං උන්නා ගමට යන්න අවුරුද්දට ගමේ ගිහින් අම්ම-තාත්තා බලන්න... “ගමට යන්න කලියෙං මං එන්නම් ඔබ දැක ගන්නට ගමට ගියොත් ඔයා ඉතිං එන්නෙ නැහැනෙ හුඟ කලකට” එහෙම කියූ ඇය කවුරු ද කියල දෙන්න අවසර මට උඩැක්කියක් වාගේමයි මට දැනුණේ හරි විදියට... උස නොවුණත් හඬ තියුණු ය මහත නැතත් ඉනසුඟමිට පුංචි එකී වාගෙයි ගැට-ඉස්සිය රණ හංසිය මට පටල-පටල තතන-තතන ඔතැනි වෙවී ඇය එන විට ඇති වන්නේ අනුකම්පාවෙකි මා දැක හැම දෙනාට... කලක් ගත වුණා දෙදෙනගෙ ආදර අන්දරයට සොඳ උඩැක්කිය වගෙයි නොව ගැටබෙරය බැඳ, වගෙ තදේට ගමේ ගිහින් ඇවිත් බඳින්නට ඇවිටිලි- කල්පනාව තඹ දොයිතුවකුත් අත නැති දවුල් නටන රූපිකාව... කියන-කියන උප්පරවැට්ටියට වෙට්ටු මං දම-දම හිටිය කලක් කෙබර බබා අමු-අමුවෙ ම ඇහිඳ ගත්ත නට-නට කියනා පදේට රාගෙ තාල ඇවිස්සුනට පාද තිබ්බ මං රඟේට අවැසි තාන ගෙන අගේට... කියන්න දේකුත් නැත ඇගෙ ඉල්ලීමට ඉඩ දීලා හිටියා මං මටත් නොවේ ගානට කිසිවක් නොකියා මෙන්න බොලේ හිටි හැටියෙ ම මඟුල්බෙරේ තඩිබාලා කිව්වෙ නැද්ද “අපි බඳිමු” ය මාස දෙකක් දැන් පිරිලා... ඉහ-මොළ මගෙ ගිනියං වී කලන්තෙ හැදුණා වාගෙයි මට දැනුණේ මුළු දිවිය ම හිර ගෙට යනවා වාගෙයි පහත රටේ කෝලං මඩු නැටුම මතක් වුණු ගානයි ගැටබෙරයත් මට හැඟුණේ යක්ඛබෙරේ වාගේමයි... තම්මැට්ටං පුරප්පට්ටු සුරල් ගසා රබන් සොඳුරු දඬු බෙර-දක්කිය-බම්මාඩිය හඬ දෙන පදින් මියුරු මිරිදංගය-මද්දල-ඩෝලය-ඩොල්කිය තමයි මිතුරු ඩොලැක්කෙ දෙන බෙලෙක් හඬට දෙමි තබ්ලාවෙන් පිළිතුරු...! 2023.03.01
කවිය බලන්න