අද

අද

සන්ධ්‍යා ද සිල්වා

වැසි අඳුර අතරින් නොකඩවා ඇදහැළෙන වැසි බිඳු දෙස බලන් දොර ජනෙල් වසාගෙන සීතලට පොරවගෙන දැන් කුමක් කරමුද කියා අසුන් ගත්තා පුංචි තිරය ඉදිරියෙන් කාලය ගෙවන්නට සිතා මිනිස් හිස් පෝළිමකි-රුදු වෙස් ගත් පඹයෙකු හිස දරා දෑත් දිගු කරමින්, මොරදෙමින්, මුව පුරා තණකොළ කමින් පෙරලෙමින් බිම, ගාත් ඔසොවා කැමරාව දෙස බලා කුමක්ද ඉල්ලන්නේ ඔවුන්? කුතුහළයෙනි මෙමා ඒ වස! කුඹුරට දමන්නට, දරුවන්ගේ කුසගිනි නිවන්නට අවැසි දේ ගන්නට, පොහොසත් වන්නට-විසඳුම එය තමා සංඝ රත්නය වඩිනවා-අතැඟිළි දිගු කොට-බුදු බණ පසෙකට දමා සටන් කරනවා අපි- නොදුන්නොත් වස ඔවුනට වහා පක්ෂය,විපක්ෂය පවසනවා- හොඳ නරක සහ අනියත ප්‍රතිපල හැඩ දමා මඩ වියැකි දෙපයින් කුඹුරේ නැගී සිට-එකෙක් පවසයි ගොවීන් පිරිවරා වංචාවක් මෙය-සටන් කරනවා,මියැදෙනවා ඔබ වෙනුවෙන් මෙමා නිවැරදියි මම-මේ ඔබ දරුවන් වෙනුවෙන්-සහය වන්න මට සාර්ථක කර ගන්න මෙය-තවෙකෙක් යදිනවා නැවක් කැරකෙනවාලු රට වටේ-බාගත නොහැකිව ඔවුන්ගේ තොග උගතුන්,වියතුන් එක් වෙනවා සටනට-ඔවුන් දැන් දන්නවා හොඳ නරක නමුත් සිටියේ කොහිද ඔබ? දහස් ගනන් මිය යද්දී වකුගඩු රෝගයෙන් විසඳන්නේ කෙළෙසද මේ අවුළ ඔබ දැන්-කුමක්ද නිවැරදි තීරණය? වකුගඩු රෝගියෙක් කිසිදා නුදුටු මා-සිත හඬනවා පිළිතුර සොයා යදිමින් යළි දකින්නට-ලෝකයෙන් වඳවී ගිය ඒ උතුම් සොඳුරු මිනිස් සම්පත සත්‍යය දකිමින්,සත්‍යය තුළ දිවි ගෙවමින්, ඉවසීම පුරුදු කරමින්, දයාව දක්වමින් ලොවේ අනියත බව දකිමින්-එදිනෙදා ගැටලු සන්සුන්ව විසඳමින් මිරිඟුවක්ද?මා බාළ වියේ දුටු -මා දයාබර පියානන් විසු ඒ ලොව,
කවිය බලන්න