ඇය .......සමන්ත ඒකනායක සස්කටූන්, කැනඩාව
සුකුමාල ලාලිත්යය ගත නොදැවටු ඇගෙ යෙහෙළියයි ඇය
තවරා ගත් සිනහවෙන් මුවමඬළ නොසැරසූ යුවතියයි ඇය
යොවුන් වසන්තෙ චන්ඩ මාරුතෙ උපෙක්ශා පෙම්වතියයි ඇය
මිරිවැඩි නොලද දෙපයින් රතු පළසෙ ඇවිද ගිය කිවිඳියයි ඇය
නැළවිලි ගීතයෙ ලසොවින් උසුලනා දයාවෙ මෑණියයි ඇය
ජීවිතයෙ කටුරොද මැදියම ජීවන සුවඳ හළ කඩුපුල් මලයි ඇය
මඩ ගොහුරෙ වියැකුනු පත් අතර දිග හැරුනු මහ නෙළුමයි ඇය
මිහිදන් කළ යුක්තියෙ අළු ගසා අවදි කළ හෝරාවෙ කනිසමයි ඇය
සරල බව ගීතයටත් චරිතයටත් කළ උපමාවයි ඇය
නිහතමානිකම අල්පේච්ඡ බව රඟ දුන් භූමිකාවයි ඇය
කටු ගෑ මතක පොත අස්වැසු කෘතවේදි පන්හිඳයි ඇය
ආදර්ශය අවවාදයට දුන් ප්රතිභාව ගැහැණියයි ඇය
අදුරට නඟන අවමන් මැද දැල්වු පහන් සිළුවයි ඇය
කාසියට වලංගු දේශයක අපෙකම කියාදුන් පාඩමයි ඇය
ගණදුර පීරා නැගෙන ඇරුණල්ලෙ දැයෙ උදාවයි ඇය
සවන් මිස ගිලන් හද නොවැකුන යුග මෙහවරයි ඇය
ඇගෙ නම නන්දාය.......
කවිය බලන්න
