වැජඹෙනු මැනවි ඇදුරාන

වැජඹෙනු මැනවි ඇදුරාන

නීතීඥ නෙවිල් ද අල්විස්

සිව් දෙස දිලෙන සිසු පරපුර ජය ප්‍රතිරාව කවි පොත එක අතෙක අනෙකේ කැමරාව කෙලෙසින් වනනුවෙද ඔබ කල සේවාව දස අත රසික කැල කුමකට තව උපමාව කය ගෙවෙන මුත් සිත තව තව සවිමත්ය දහසක් සිතුම් ඔබ හට දුන් දිරියන්ය වෙහෙසක් නැතිව තව නව කවි ගෙතුමන්ය නිදුකින් ඉදිරි මග ගෙවුමට සුව පැතුමන්ය ගජ හපනෙකු මෙන්ය කැමරාවෙන් වැඩ ගත්ත දජ ලෙල දෙමින් කවියෙනි ඔබ පිලි ගත්ත රජ ගෙදරින්ද කවියට හරසර ගත්ත වැජ ඹෙනු මැනවිි ඇදුරානෙනි ලොව ජය ගත්ත
කවිය බලන්න