දැල්වූ සඳුන් අරටුව වෙනවා පත්තූ

දැල්වූ සඳුන් අරටුව වෙනවා පත්තූ

ප්‍රියන්ත කොඩිප්පිලි

ක්ලික් යන හඬින් මතකෙට එන නම තිව්ව ඡායාරූපයෙත් කවි කැටයම් හෙව්ව ෆෝකස් අවුට් නැති ඉසියුම් කවි ලිව්ව ඒ තුළ අලුත් පරපුරකට කිරි පෙව්ව රූ, කවි කලාවෙහි මුල් පෙළ හිඳගත්තූ ඒ මැද ශිල්ප පානා හෑගොඩ පුත්තූ මොනවට කියනවද තව ඒ ගැන ඔත්තූ දැල්වූ සඳුන් අරටුව වෙනවා පත්තූ එක කවියෙන්ම දුහුනන්ගේ නම මතක තිබුණේ ඔබේ වෙහෙසයි කවි සිය පතක පිරුණත් මෙදා කවි හැම එෆ්.බී. බිතක ඔබ ඇත සිය පතේ කවි ලියු හැම හිතක පිය උරුමයෙන් ඔබ ඉදිරිය දෙස බලපූ ඒ එන මග දිගේ නෙක පලවැල නෙලපූ අපි පැටලුනෙත් දැලටයි කවියෙන් එලපූ අමතක නොවුන තැන ගඟ වක් වී ගලපූ
කවිය බලන්න