මූණු පොත

මූණු පොත

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මූණත් පොතේ නුඹෙ නම අද්දරින් ඇතී සීයක් විතර මගෙ ළඟ මිතුරන් ම වෙතී මා ගා ගන්න ඇති අකමැති අපුල ගතී හේතුව මොකෝ නංගී අපි කළු ද නැතී මුලින් දුටු දවසෙ වැලඳුණ හිත ලීලේ යටින් ඉදිරුණා දැක හැසිරුණ තාලේ පතන් ආපු එක ඇත්තයි ඒ කාලේ ගණන් ඉහළ හින්දා දියවිය ආලේ වාත කෝච්චිත් මිතුරන් සේ දැක්කා ඒ තරමටම තරහද මගෙ නම එක්කා රෑට රෑට මතකෙට එන්නේ මක්කා මූණු පොතට දැන්වත් එන්න ද අක්කා
කවිය බලන්න