දුවනි

දුවනි

චතුරිකා කස්තුරිආරච්චි මොරටුව

රන්වන් රුවට දිලෙනා පුන් පෝදා සඳ විලස දහඅට වසක් ගෙවිලා මට සිහිනයක් වගේ ලස්සන දුවක් සවනට ඇසුණා ලවනත මුදු හසරැල් මැවුණා පැහැයෙන් උදුල තරු පරදා නුඹ මගේ දිවියම එළි කෙරුවා තරු මුතු පරදනා සොඳුරුම දෑසින් බැලු ව්ට පිරෙයි මා හද උතුරන සෙනෙහෙන් කටු කොහොලින් පිරි දිවියේ බාධක එමට යන මග රළුයි නැත සියුමැලි පාවඩ අතුරා රුව මෙන් ගුණෙන් පිරි හොඳ දියණියක ලෙස දිදුලනු මැණික නුඹ අහසේ පිරි සඳ විලස
කවිය බලන්න