ඉමු නිසි කල් එන තුරා....

ඉමු නිසි කල් එන තුරා....

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ආල සිතක් තිබුනත් මගෙ නුඹ වෙත ට කෝල සිතින් බැහැ ආදරෙ කරන්න ට මාල පොටක් බැන්දත් මම නුඹෙ ගෙලට සේල සදන්නට වරමක් නැතේ ම ට ආල සිතින් සිටියත් නොකියා නුඹ ට කෝල පාන්නට බයකුත් තියේ ම ට මාල පොටක් දුන්නත් ගෙල බඳින්න ට සේල නෙරිය බිඳින්න තව කල් එම ට ආල වඩමු දවසක දීගෙක යන් ට කෝල නැතිව ගොඩවෙමු පෝරුව මතට මාල වළලු කුමටද මදුසම රැය ට සේල උනා වැතිරෙමු යහනක සුම ට Photo Credit: Kenny Eliason
කවිය බලන්න