දුවත් දීග ගිය පසු...

දුවත් දීග ගිය පසු...

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සියොළ‍‍‍‍‍‍‍ඟ දැවටෙමින් නිරතුරු නෙත් මානේ එළි - පෙහෙළියට ගියෙමුත් ඇය සිත් තානේ දුව - පැන ‍‍දඟ දැමූ සුදු දුව අත් මානේ ගේ - දොර පාළු ගතියකි පත් වූ තානේ සහ උදරයන් දෙදෙනා සම`.sන් ගෙවුණූ පවුලේ එක ම දියණිය හැඩ-වැඩ තිබුණූ ‍දඟ දැමුවත් උනුන් පරයා පෙම රැදුණූ අද නැහැ ඒ කිසිත් අප සවනත වැකුණූ මතකය දිවෙයි “මැදි වයසත්” පසු කරමින් එ දවස “හා පැටවු” තිදෙන ම කිරි වයසින් මොනවට කියමි උන් සිත් බැඳ සුරතලයින් ආසයි! නොහැකිමුත් යමි තනි ව ම මනසින් අ යනු අල් මයනු මා කියමින් හැඬ වූ අ යනු අල් මයනු මා කියමින් හැඩ වූ අ යනු අල් මයනු මා කියමින් දැඩි වූ අ යනු අල් මයනු මා හ`ඩ ඇත අඩු වූ කාලය කෙළි-දෙලෙන් ඉගෙනුම මුල්කොට ය තාලය නිවැරැදි ව ගයමින් සත් සර ය සාලය පුරාවට විසිරුණු යව ගති ය පාලම සැදුණු පසු තවමත් ඇති තැන ය ඇත නිදි වරා ඇතිතෙක් මඟ බලමින්නේ නැත සැතැපුනේ ගත රිදුමට ළඟ උන්නේ මඟ තොට තනි ව යන-එන විට රකිමින්නේ ඒ දුක දැනෙයි දැනුණත් සිත සැනැහෙන්නේ දෙපා පොඩි තියා වැටි - වැටි එදා ගියා හපා ගවුමෙ කොණකින් හඬ -හඬා පියා කපා පොතක පිටුවක් කතුරකින් කියා පපා උදම් ඇණුවේ මගෙ මතකෙ තියා යන්නට දිවි ම‌ගෙහි තව දෑතක් රැගෙන කාලය සරි ගියෙන් යා යුතු මඟ ද දැන ඉඩ දී බලා සිටිනෙමි කෙදිනක හො ගෙන දෑතින් හොවා දරුමල් පෙර මඟ ට එන “කෑව ද - බීව දැ”යි අසමින් නිරතුරු ව අසමින් නොයෙක් දෑ ගෙන ඉන් අනතුරු ව මුලුතැන් ගෙය පුරාවට අතුරා සරු ව ඇය යුතුකමකි ඉටු කෙරුවේ සිත් ඇති ව ඇස තුළ රුවාගෙන උණු කඳුළක් නැගුණූ සස ලෙස රුවින් දන් දුන් රුවැතිය හැදුණූ රැස පිරිවර මැදින් ඇගෙ අත ගත් පුතණූ දස බල - නැණ නිලා දල්වා වෙනු දියුණූ!! ජය මංගලානී!!! *** ‍‍‍‍ 2025.11.01
කවිය බලන්න