නුඹ කවුරුද පවස

නුඹ කවුරුද පවස

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

රැයත් දහවලත් විඳි නිදහස සතුට නිමාවට කරුණු මතු වෙද බියයි මට සිරිපා වන්දනා ගමනත් නිමා කොට මහරුක නිහඬ වේ පැදුරේ උන් ලෙසට කාලය ඉගිල යයි ඊතලයක් විලස මහගේ පාළු වේ සරසවි ගිය විගස කාටත් නොකියාම මා පැමිණිය දවස මුරකරුවෙක් අසයි "නුඹ කවුරුද පවස" ගම වෙල් යාය වෙත මා පිය නගන සඳ නුහුරුය අවට නෙත ගැටෙනා දසුන අද දක්නටවත් නැත දොළ ළඟ රුක කරඳ දිය උල්පතද දුක් කඳුළක් හෙලනවද ඉස්සර කාලෙ සිදු වුන දේ හැඟුමි බර ගින්දර වාගෙ මසිත දවාලයි නිතර ලොල් වී සුරාවට කරමින් අඩදබර බඩපිස්සා ටික ටික විකුනයි ගෙදර 19.10.2025
කවිය බලන්න