පුරුදු ගති හා ඵල පුරුදු

පුරුදු ගති හා ඵල පුරුදු

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

පෙනෙන දේ දකින්නට මුල් වේ සිත් ගොඩක් ඇසෙන දේ අසන්නට මුල් වේ සිත් ගොඩක් දැනෙන දේ දැනගන්ට මුල් වේ සිත් ගොඩක් සිතන්නට යම් දෙයක් මුල් වේ සිත් ගොඩක් කියන්නට වචනයක් මුල් වේ සිත් ගොඩක් කරන්නට ක්‍රියාවක් මුල් වේ සිත් ගොඩක් නිතර සිදුවන මෙවන් ඇති කරයි පුරුදු ගති යහපත් හොඳ පුරුදු සනසවයි සිත් සතන් අයහපත් ගති පුරුදු කළඹවයි සිත් සතන් ලබන්නට හොඳ පුරුදු වැඩිය යුතු වේ විරිය නිතර වඩනා විරිය ලබා දෙයි මහත් ඵල ඵලය ලබනා පුරුදු ඵල පුරුදු වේ නමින් Photo Credit; ran liwen
කවිය බලන්න