කදුළු බිඳ හිනැහි ......

කදුළු බිඳ හිනැහි ......

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

ඉරිතැලුන හද පුරා නොනිමි පද නිදිකිරා පැසුණු රුහිරය දරා දෙනෙත මත දියකරා වැසුණු දෙබැමම පිරී කඳුළු මල් බිම පෙරී දිළුණ විට හිත ඇරී දැවටුනා යලි සිරී සිඹින දූවිලි දැලක එබුණි පවන ද දුරක නෙතට වැඩියෙන් විලක කැලතුනා මඳහසක නුඹයි සඳ පිනි එව්ව කඳුළු වුව හිනැහෙව්ව වරා දුක හද නිව්ව සරා සැනසුම පෙව්ව ඉතිං මල් පිපේවී වසන්තය දිලේවී කුරවි සර ඇසේවී බිඟු රොනට ඇදේවී නෙතක් විත් අවාරෙක සිතක් හා විචාරෙක පුවත් දැන හීනයක කවක් ලිව් සැබෑවක වඳන් නොව් මුවහසක පිපුණ මාලති මලක සුවඳ ඉහිරෙන රැයක හාදු රහසින් පැලක එළු සඳස් ලකුණේ ,සඳහන් "සුපිහිටි " ඡන්දසට අයත් "කඳ විරිතට" අනුව මෙම කව් පෙළ මවිසින් නිර්මාණය කලෙමි පාදයක මාත්‍රා 10 කින්, ලගු ගුරු බෙදුම් වලින් තොරව ,එළිසම කොට,නිර්මාණය වන විරිත "කඳ විරිතයි"
කවිය බලන්න