සොයමි මම

සොයමි මම

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

සොයන්නට සොයන්නට පිටත ඇති ලොවක් ගැන නිමක් නැති ලොවක් ගැන වෙහෙසකර වැඩක් බව දැනේ මට හැඟේ මට තමා තුළ ඇති ලොවක් නිමාවක් ඇති බවක් සොයන්නට හැකි බවක් දැනේ මට හැඟේ මට දැහැන් ගත වෙලා මම සොයමි මම සොයමි මම සහිත වූ ජීවයක් සහිත වූ අඟ පසඟ නිරන්තර වෙනස්වන රූපයක් ක්‍රියාත්මක පවතිමින් ඇති බවක් දැනේ මට හැඟේ මට උණුසුම සහිත වූ දහනයට ලක්වන ලක්වන වයස්ගත රූපයක් ඇති බවක් දැනේ මට හැඟේ මට ක්‍රියාත්මක ශක්තිය බලාත්මක ශක්තිය සිත මගින් වන බවක් දැනේ මට හැඟේ මට සිතුවිළි නිරන්තර ඇති ව නැති වන බවත් දැනේ මට හැඟේ මට සිතක් පවතින්නට විවිධ වූ සිතුවිළි අවැසි බව නිරතුරු දැනේ මට හැඟේ මට වෙනස්වන රුපයත් වෙනස්වන සිතුවිළිත් ක්‍රියාවලියක් පමණි කෙනෙකු නැත ස්ථිර තුළ ක්‍රියාවලියක එය එසේ වේ නම් කෙනෙකු වේද මම නමින් සොයා සොයා බැලීමට …… Photo Credit Gabor Kozmon
කවිය බලන්න