අද දිනය ඔබ නමිනි

අද දිනය ඔබ නමිනි

ශර්මිලා බන්දුනි දන්වත්ත

සියළු සියොතුන් ගේ කූජන ඔබ වෙනුවෙනි මල් වැරූ ගස් වැල් වලත් මල් පිපෙන්නේ ඔබ වෙනුවෙනි සිහින් සිරිපොද වැටෙන්නේ පත් වලට නොරිදෙනා පරිද්දෙනි වෙනදා නොමැති සීදේවි පාටින් ඉර නැගෙන්නේ අද දිනය ඔබ නමින් වෙන් කරමිනි මේ අසිරිය පිටුපස සිටින්නේ මා බව ඉඟි කරමිනි මේ සියළු සුභ පැතුම් ඔබේ හදවතට බර වැඩි වන්නේ එහෙයිනි
කවිය බලන්න